Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලාහෝර්හි දුමාරය හේතුවෙන් පාකිස්තාන – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය රාවල්පිණ්ඩි වෙත මාරු කෙරේ

2 weeks ago

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලාහෝර් නුවරින් රාවල්පිණ්ඩි වෙත මාරු කිරීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

ලාහෝර් නුවර ඉහළ යමින් පවතින ඝණ දුමාර තත්ත්වය සහ වායු දූෂණය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව එම මණ්ඩලය නිවේදනය කර ඇත.

ඒ අනුව නොවැම්බර් 17 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ද මේ වන විට පැවැත්වෙන්නේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී වන අතර, එහි පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය කඩුලු 9ක් දැවී ලකුණු 434ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනයේ තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 114ක් ලබා සිටියේය.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් අඛණ්ඩව දෙවැනි දිනයටත් නියමිත වේලාවට පෙර තරගය අවසන් කිරීමට සිදුවිය.