Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පේරු රාජ්‍යයේ ප්‍රබල භූ කම්පනයක්

1 hour ago

පේරු රාජ්‍යයේ මධ්‍යම ප්‍රදේශයට රික්ටර් මාපකයේ ඒකක 6.8ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, මෙම භූ කම්පනය එරට අගනුවර වන ලීමා නගරයට ද දැනී ඇති බවය.

පේරු භූ භෞතික විද්‍යා ආයතනයට අනුව, ඇන්ඩීස් කඳුකරයේ ජුනින් ප්‍රදේශය ආශ්‍රිතව කිලෝමීටර් 129ක් ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන තිබේ.

භූ කම්පනයත් සමඟ ලීමා අගනුවර වැසියන් සිය නිවෙස්වලින් පිටතට පැමිණ ඇති අතර, එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණ ඇති බව වාර්තා වේ.

මේ අතර, භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටී.