Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට

4 hours ago

මේ වසරේ මෙරටට පැමිණි සංචාරකයින් අතුරින් විසි ලක්ෂවැනි සංචාරකයා අද (නොවැම්බර් 20) දිවයිනට පැමිණ තිබේ. රුසියානු ජාතිකයෙකු වන මොහු සමඟ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකු ද මෙලෙස මෙරටට පැමිණ ඇති බව විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.

ප්‍රධාන කරුණු සැකෙවින්:

2018 වසරෙන් පසුව 2024, 2025 සහ 2026 යන වසර තුන තුළම අඛණ්ඩව සංචාරකයින් ලක්ෂ 20 සීමාව ඉක්මවීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

ගෝලීය අර්බුද සහ විවිධ අභියෝග රැසක් හමුවේ වුවද සංචාරක කර්මාන්තය අඛණ්ඩ ප්‍රගතියක් පවත්වා ගැනීම මෙරට සංචාරක ක්ෂේත්‍රය කෙරෙහි පවතින ජාත්‍යන්තර විශ්වාසය පිළිබිඹු කරන්නක් බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

2025 වසරේ වාර්තා වූ සමස්ත සංචාරක පැමිණීමේ වාර්තාව 2026 වසර තුළදී අභිබවා යාම සිය අපේක්ෂාව බව විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.