තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය සිහසක් ෆුවැන්ග් කෙට්කියෝ තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (20) පස්වරුවේ දිවයිනට පැමිණියා.
මෙම සංචාරය අතරතුර ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙන්ම විදේශ අමාත්‍ය විජිත හේරත් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතයි.
එමෙන්ම, සාමාන්‍ය ගමන් බලපත්‍ර හිමියන් සදහා තායිලන්තයේ වීසා බලපත්‍ර ලබාගැනීමේ අව්යශ්යතාවයෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුමටද මෙම සංචාරය අතරතුර තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අත්සන් තැබෙනු ඇති.
මේ අතර, මහනුවර අස්ගිරි මහා විහාරයේ අද පැවැත්වෙන කඪින පූජෝත්සවයට ද ඔහු සහභාගී වීමට නියමිතයි.
