වගා ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමේ මුවාවෙන් පුද්ගලයින් 2,500කට අධික පිරිසකගෙන් රුපියල් බිලියන 4කට ආසන්න මුදලක් වංචා කළ බවට සැකපිට පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි.
වගා ව්‍යාපෘති සඳහා මුදල් ආයෝජනය කිරීමට අවස්ථාව ලබාදෙන බව පවසමින් අදාළ පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.
මෙම සිද්ධියෙන් පුද්ගලයින් 2,500කට වැඩි පිරිසක් මූල්‍ය වංචාවකට ලක්ව ඇති බවට සැක කෙරෙන අතර, වංචා කළ බව කියන මුළු මුදල රුපියල් බිලියන 4කට ආසන්න බව පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
