අයවැයට විරෝධය පළ කරමින් හෙට (23) පැවැත්වෙන ජාතික විරෝධතා දිනයට සමගාමීව රජයේ කාර්යාල ඉදිරිපිට කෑම පැයේදී විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
එසේම ජාතික විරෝධතා දිනයට සමගාමීව හෙට දිනයේදී කළු ඇදුමින් සැරසී සේවයට වාර්තා කිරීමට සැලසුම් කර ඇති බවයි විදුහල්පති ශ්‍රේණි නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව සඳහන් කළේ.
මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පවසමින් සංවර්ධන නිලධාරීන්, කලමනාකරණ සේවා නිලධාරීන්, සෞඛ්‍ය සහායක කාර්ය මණ්ඩල සහ හෙද, තාක්ෂණික නිලධාරීන්, කාර්යාල සහයක කාර්යමණ්ඩල, සමෘද්ධි නිලධාරීන්, පළාත් පාලන නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර රැසක් මෙම විරෝධතාව සඳහා එක්වනු ඇති.
එසේම සිය ක්ෂේත්රයේ ඉල්ලීම් නොසලකා හැරීමට විරෝධය පල කරමින් ලබන 30 වැනිදා දීප ව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ද ගුරු විදුහල්පති වෘත්තිය සමිති තීරණය කර කළා.
