2025/2026 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා (Income Tax Returns) ගොනු කිරීමේ අවසන් දිනය 2026 නොවැම්බර් 30 වන දා බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් බදු ගෙවන්නන් වෙත සිහිපත් කර තිබේ.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති මෙම නිවේදනය පහත සඳහන් බදු වර්ග තුනටම අදාළ වේ:
- ආයතනික ආදායම් බදු (Corporate Income Tax – CIT)
- හවුල් ව්‍යාපාර ආදායම් බදු (Partnership Income Tax – PIT)
- පුද්ගල ආදායම් බදු (Individual Income Tax – IIT)
නියමිත දිනට පෙර බදු වාර්තා භාර නොදීමෙන් සිදුවන දඩ මුදල් (Penalties) සහ නීතිමය ගැටලු මඟහරවා ගැනීම සඳහා, නොවැම්බර් 30 වන දිනට පෙර සිය බදු වාර්තා නිසි පරිදි ගොනු කරන ලෙස දෙපාර්තමේන්තුව සියලුම බදු ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටී
