Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ෆේස්බුක් මව් සමාගමෙන් නව සමාජ මාධ්‍ය යෙදවුමක්! පැය 4ක් තුළ පරිශීලකයින් මිලියන 5ක්!

3 years ago

ෆේස්බුක් මව් සමාගමේ මෙටා විසින් ‘ට්විටර්’ සමාජ මාධ්‍ය යෙදවුම සමඟ තරග කරන ත්‍රෙඩ්ස් (Threads) නමින් නව සමාජ මාධ්‍ය යෙදවුමක් එළිදක්වා තිබේ.

එලොන් මස්ක් ට්විටර් අත්පත් කරගැනීමෙන් පසුව ඇතිවූ ව්‍යාකූල තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීම සඳහා මෙම යෙදවුම හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම යෙදවුම හරහා ඉන්ස්ටර්ග්‍රෑම් වෙත සම්බන්ධ වීමටද හැකියාව පවතින බවයි පැවසෙන්නේ.

වසර 11කට පසු සිය ට්විටර් ගිණුමේ ට්විටර් සටහනක් තබමින් මෙටා සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පවසන්නේ පළමු පැය හතර තුළ ග්‍රාහකයින් මිලියන 5ක් ඒ හා සම්බන්ධ වී ඇති බවය.