Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනප්‍රිය රංගන ශිල්පිනියකට කුලී රථයක් තුළදී අතවර කරලා

3 years ago

කුලී ගමනක් යමින් සිටි 23 හැවිරිදි ජනප්‍රිය රංගන ශිල්පිනියකට පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථ රියදුරෙකු ලිංගික අතවරයක් සිදුකොට පලා ගොස් ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි

මෙම රංගන ශිල්පිනියගේ පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ සිට නුගේගොඩ දක්වා කුලී ගමනක් යාමට කුලී ගමන් පහසුකම් සපයන සමාගමක ත්‍රී රෝද රථයක් ගෙන්වා ගෙන තිබේ.

ත්‍රීරෝද රථයෙන් මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ සිට නුගේගොඩ දක්වා යමින් සිටියදී එක්වරම පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී මාර්ගය අසල ත්‍රීරෝද රථය නවතා කාර්මික දෝෂයක් පරීක්ෂා කරන මුවාවෙන් ත්‍රිරෝද රථයෙන් බැස පිටුපස අසුනේ සිටි රංගන ශිල්පිනිය අසලට වීත් ඇයට බලහත්කාරකම් කර තිබේ.

එහිදී රංගන ශිල්පිනිය සැකකරු තල්ලු කොට ත්‍රිරෝද රථයෙන් එලියට පැන කෑ ගසා අසල්වාසීන්ට පවසනවාත් සමඟම ත්‍රීරෝද රථයේ රියදුරු රංගන ශිල්පිනිය මහමග අතහැර දමා පලා ගොස් ඇති බව පැමිණිල්ලේ සඳහන්.

සිද්ධියෙන් පසුව ත්‍රී රෝද රථය කොළඹ හොරණ මාර්ගය ඔස්සේ බොරලැස්ගමුව දෙසට පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.