මුලතිව් සිට යාපනයට පාසල් බෑගයක කසිප්පු ස්ප්‍රීතු ලීටර 8 ක් දමා ගෙන බස් රථයක නැගී පැමිණි තරුණයෙකු යාපනය පොලීසිය විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබේ.
එම කසිප්පු ස්ප්‍රීතු තොගය පාර්සල් 12 ක අසුරා බැගයේ දමාගෙන යමින් සිටියදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු මෙම ජාවාරම කලක පටන් කරගෙන ගොස් ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.
කසිප්පු ස්ප්‍රීතු යාපනයට රැගෙන විත් යාපනයේ පාලු ගොඩනැගිල්ලකදී සැකකරු ඊට ජලය මුසුකොට පානය කිරීමට සුදුසු මට්ටමකට කසිප්පු සකස් කර ගන්නා බව පරීක්ෂණවලදී හෙළි වී ඇත.
යාපනය පොලීසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.
මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ පදිංචි සැකකාර තරුණයා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

