Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සජින් වාස් ගුණවර්ධනට අධිකරණයෙන් දුන් නියෝගය

1 year ago

රුපියල් ලක්ෂ 369 ක පුද්ගල ආදායම් බදු නොගෙවා සිටීමට හේතු ඇත්නම් දෙසැම්බර් 16 දින අධිකරණය හමුවේ ලිඛිතව කරුණු ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට අද(22) නියෝග කළේය.

රුපියල් 36975959.00 ක පුද්ගල ආදායම් බදු නොගෙවීම් සම්බන්ධයෙන් සචින්ද වාස් මහතාට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා පවරා තිබූ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත සිටින වාස් ගුණවර්ධන මහතා අධිකරණයේ පෙනී සිටීයේය.