මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වෙමින් සූදානම් වන බවත් මේ වන විට ප්‍රචාරක කටයුතුවල නිරත වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ පසුගියදා රූපවාහිනී නාලිකාවක විවාදයක් අමතමිනි.
මහ බැංකු අධිපතිවරයා රටේ තත්වය ගැන බොරු කියන බවට ඔහු චෝදනා කළේය.
මහාචාර්ය මාරසිංහ සංඛ්‍යා කිහිපයක් උපුටා දක්වමින් රටේ ණය තත්ත්වය පිළිබඳ අසත්‍ය තොරතුරු ප්‍රකාශ නොකරන ලෙස මහ බැංකු අධිපතිවරයාට දන්වා සිටි අතර මහ බැංකු අධිපතිවරයා ණය සංඛ්‍යා සම්බන්ධයෙන් බොරු කියන බවට ඔහු සෘජු චෝදනාවක් කළේය.
“නන්දලාල් කුමන ආකාරයේ බොරුවක් කීවද යන්න අපි සොයා බැලිය යුතුයි, ඔහු ඉන්නෙ පොදු අපේක්ෂක සිහිනයක” මාරසිංහ මෙහිදී පැහැදිලි කළේය.
