Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චොකලට් හතරක් සොරකම් කළ බව පවසමින් සුපිරි වෙළඳසැළකින් කාන්තාවකට රෝහල්ගත වෙන්න පහර දීලා

4 years ago

බේරුවල නගරයේ පිහිටි සුපිරි වෙළඳසැලකින් භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි කාන්තාවක් චොකලට් හතරක් සොරකම්කගේ යැයි එම සුපිරි වෙළෙඳ සැලේ සේවිකාවන් සිවුදෙනකු එම කාන්තාව උඩුමහලට රැගෙන ගොස් පහරදී තුවාල සිදු කර ඇතැයි ලද පැමිණිල්ලක් මත සුපිරි වෙළඳ සැලේ සේවිකාවන් සිවුදෙනකු බේරුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාන්තාව චොකලට් හතරක් වංචනිකව බාණ්ඩ මල්ලට එකතු කරගෙන තිබූ බව කියන සිද්ධියක් මුල්කරගෙන මෙම පහරදීම සිදු වී තිබෙන අතර එම චොකලට් වලට අදාල මුදල් ගෙවා තිබියදී මෙම පහරදීම සිදු කර ඇතැයි එම පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වෙයි.

පහරකෑමට ලක් වූ කාන්තාව අළුත්ගම හා කළුතර රෝහල් වලට ඇතුලත් වී දින හතක් ප්‍රතිකාර ලබාගෙන ඇතැයි බේරුවල පොලිසිය කියයි.

සොරකමකට සම්බන්ධ අයෙකු හඳුනා ගත්තේ නම් ඊට විරුද්ධව නීතිමය පියවර ගැනීමට පොලිසිය කැඳවා දැනුම්දීම සිදුකළ යුතු බවත් කිසිවෙකුට පහරදීම හෝ මානසික කායික පීඩනයකට ලක් කිරීමට කිසිවකුට අයිතියක් නොමැති බවත් බේරුවල පොලිස් ස්ථානාධිපති ලලිත් පත්මකුමාර කුමාර මහතා පැවසීය.
-තුසිත කුමාර ද සිල්වා-

නවතම පුවත් (Latest News)