දේශීය කිරිපිටි මිල තවදුරටත් ඉහළ දැමීමට කිරිපිටි සමාගම් පියවර ගෙන තිබේ.
රුපියල් 975 ක්ව පැවති දේශීය කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 175 කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවත් ඒ අනුව දේශීය කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ක නව මිල රුපියල් 1150 ක් බවට පත්ව ඇති බවයි කිරිපිටි සමාගමක නිළධාරියෙකු සඳහන් කළේ.
පසුගිය දින කිහිපයේදී දිවයිනේ ප්‍රදේශ ගණනාවක දේශීය කිරිපිටිවල හිඟයක් මතුව තිබූ අතර මෙම මිල වැඩිවීම පිළිබඳව සමාගම් විසින් තවමත් නිල වශයෙන් නිවේදනය කර නොමැත.
