Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කලිසමකින් හා කමිසයකින් සැරසී පාසල් පැමිණි ගුරුවරියකට දෙමව්පියන් හූ කියා පන්නා දමයි

4 years ago

දිවුලපිටිය ප්‍රදේශයේ පාසලක ප්‍රාථමික අංශයේ පන්තිවලට උගන්වන ගුරුවරියක් සාරියක් වෙනුවට කලිසමකින් හා කමිසයකින් සැරසී පාසලට පැමිණීමට විරෝධය පළ කරමින් මවුපියන් පිරිසක් විරෝධය දක්වා තිබේ.

ගුරුවරිය එම ඇදුමින් පාසලේ තබාගන්නේ නම් තම දරුවන් ගෙදර ගෙන යන බවට සියලු මව්පියවරුන් පැවසීමත් සමඟ ගුරුවරියක් පාසලෙන් ඉවත්ව ගොස් තිබේ.

ඇය පිටව යද්දී දෙමව්පියන් ඇයට හූ තබා ඇත.

දෙමව්පියන් විසින් හූ හඬ නගා අසභ්‍ය වචනයෙන් බැන වැදුණැයි කියමින් ඇය දිවුලපිටිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මව්පියන් මෙවැන්නක් කළේ විදුහල්පතිවරයාගේ කීම මත බවට එම ගුරුවරිය කළ පැමිණිල්ලේ සඳහන් බවයි වාර්තා වන්නේ.

නවතම පුවත් (Latest News)