Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දානය නොදුන්නාට කෝප වූ හිමිනම ඉබි යතුරු දමා විහාරස්ථානය වසා දමයි! දහම් පාසල් දරුවන් ආපසු හැරී යයි!

4 years ago

දැරණියගල, මියනවිට ශීල සුගන්ධ විවේකාශ්‍රමයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේ විසින් පන්සලේ ගොඩනැගිලි සියල්ලටම ඉබි යතුරු යොදා වසා දැමීම හේතුවෙන් දහම්පාසල පැවැත්වීමට නොහැකි වී තිබිණි.

දහම් පාසල් පැවැත්වෙන පෙරේදා (27 වැනිදා) දරුවන් සුපුරුදු ලෙසින් පන්සල වෙත පැමිණියද ඉගැනීම් කටයුතු කර ගත නොහැකිව දැඩි අපහසුතාවට පත් වූහ.

වෙනත් ස්ථානයක් හෝ ගොඩනැගිල්ලක් නොමැතිකමින් ඔවුහු දහම් පාසලට පැමිණ ආපසු හැරී පිටත්ව ගොස් තිබිණි. සිරි සඳහම් දහම් පාසලේ ප්‍රධානාචාර්යවරිය වන පී.කේ.කේ ජයවීර ප්‍රකාශ කර සිටියේ පන්සලට දානය ලබා නොදෙන නිවෙස්වල දරුවන් දහම් පාසල වෙත ඇතුළත් කර නොගන්නා ලෙසට ස්වාමින් වහන්සේ නියෝග කළ බවයි.

එම ක්‍රියාමාර්ගය පිළිනොපැදීම නිසා මෙලෙස දහම් පාසල වසා දමා ඇතැයි ඇය ප්‍රකාශ කළාය.
(අරුණ – ජානක වීරසිංහ)

නවතම පුවත් (Latest News)