ජංගම සම්බාහන සේවාවක් සිදුකරගෙන යන බවට මුහුණු පොත ඔස්සේ දැන්වීම් පළකර කළුතර වෙරළට ගෙන්වා ගෙන තරුණයකුට පහරදී ඔහුගේ දේපළ සොරාගත් වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 27 සහ 28 යන වයස්වල පසුවන දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් අදාළ තරුණයා කළුතර වෙරළට ගෙන්වා ගෙන ඔහුට පහර දී ඔහුගේ යතුරුපැදිය, ජංගම දුරකථනය සහ මුදල් කොල්ල කා තිබෙනවා.
මෙම සැකකරුවන් ජංගම ශරීර සම්භාහන සේවය සපයන බවට මුහුණු පොතේ දැන්වීම් පළකර කළුතර – නාගස්හන්දිය මුහුදු වෙරළට තරුණයාව ගෙන්වා ගෙන මෙම කොල්ලකෑම සිදුකර තිබෙනවා.
සැකකරුවන් වස්කඩුව වාඩියමංකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
