Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිසුන්ට ශාරීරික දඬුවම් කිරීමට ගුරුවරුන්ට අයිතියක් නොමැති බවට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

4 years ago

පාසල් පද්ධතිය තුළ පාසල් දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමය කරුණු පැහැදිලි කිරීම සඳහා වූ විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ(30) දෙහිවල ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ දී පැවැත්වුණා.

එහිදී අදහස් දැක්වූ එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේ, පාසල් පද්ධතිය තුළ දරුවන්ට දඩුවම් කිරීම සම්බන්ධයෙන් විවිධ ප්‍රදේශවලින් සිද්ධීන් වාර්තා වෙන බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දරුවන්ට ශාරීරික දඬුවම්
නොකරන ලෙස පැහැදිලිව පවසා ඇති බැවින්
ගුරු සංගම් විදිහට ගුරුවරුන් වෙනුවෙන් මැදිහත් වීමේ හැකියාවක් ගුරු සංගම් වෙත නොමැති බවයි.

මෑතකදී හොරණ, මහනුවර වැනි ප්‍රදේශවලින් දරුවන්ට දඬුවම් දීම පිළිබඳ වාර්තා වූ අතර
සමහර පාසල්වල දරුවන්ට දඩුවම් දීම සම්බන්ධයෙන් දෙමාපියන් විසින් ගුරුවරුන්ට පහරදීමේ සිද්ධීන්ද වාර්තා වුණා .

කෙසේවෙතත් මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, ගුරුවරුන්,
විදුහල්පතිවරුන් හා දෙමාපියන් වැනි සියලු පාර්ශ්ව එක්ව සිදුකරන විවෘත සංවාදයක්
ඇති කළ යුතු බවයි ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ.

නවතම පුවත් (Latest News)