Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?

3 months ago

ලබන වසරේ පෙබරවාරි මස 14 සිට 28 දක්වා පළමුවරට පැවැත්වීමට නියමිතව තිබූ අයි.සී.සී කාන්තා ශූරයින්ගේ ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිළිනොගැනීම මීට ප්‍රධාන හේතුව බව සඳහන්ය.

ශ්‍රී ලංකාවෙන් සත්කාරකත්වය ඉවත් කර වෙනත් රටක  ශූරයන්ගේ කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇති ක්‍රිකට් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

තරගාවලිය සඳහා කාන්තා කණ්ඩායම් 6ක් තරග වදින අතර ශ්‍රේණිගත කිරීම්හි මුල් ස්ථාන 5 සිටින රටවල් සහ සත්කාරකත්වය දරන රට තරගාවලියට ඇතුළත් වේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම T20 ශ්‍රේණිගත කිරීම්හී පසුවන්නේ, 07 වන ස්ථානයේය.

ඒ අනුව පළමුවරට පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලිය වෙනත් රටකට සත්කාරකත්වය ලබාදුනහොත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලියට සහභාගී වීමට නොහැකි තත්ත්වයක් ද මතුවී තිබේ. 

නවතම පුවත් (Latest News)