ආර්ථික අර්බුද හමුවේ වුවද මෙරට ඉන්ධන සංචිත ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
මේ වන විට රටේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කළ හැකි ඉන්ධන සංචිතයක් රට තුළ පවතින බවත් අද දිනය වන විට ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 83,236ක්, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 9955ක්, ඔක්ටෙන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 20,640ක් සහ ඔක්ටෙන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,354ක් සංචිත ලෙස පවතින බවත් ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 10,022ක් අද දිනය වන විට මෙරට සංචිත තුළ පවතින අතර තවත් ගුවන් යානා ඉන්ධන නෞකා කිහිපයක් සඳහා ඇණවුම් ලබා දී ඇති බවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කරනවා.
