Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඛනිජතෙල් සංස්ථාවට රුපියල් බිලියන ගණනක දැවැන්ත ලාභයක්

3 months ago

දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල ගණන් පහත හෙලීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියර ගෙන තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා පැවසුවේ අද (04) මධ්‍යම රාත්‍රියේ සිට මෙය ක්‍රියාත්මක වන බවය.

ඒ අනුව නැප්තා ලීටරයක මිල රුපියල් 210 සිට රුපියල් 175 දක්වා රුපියල් 35කින් මිල අඩු කර තිබේ.

තවද දැවිතෙල් ලීටරයක මිල ද රුපියල් 248 සිට රුපියල් 210 දක්වා රුපියල් 38කින් පහත හෙළීමටද  ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.

එහි අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා වැඩිදුරටත් පැවසුවේ ඛනිජ තෙල් සංස්ථාව මේ වසරට අදාළව රුපියල් බිලියන 27ක ලාභයක් උපයා ඇති බවය.