Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දරුවාව පාසල් රැගෙන යෑමට පැමිණි දෙදරු පියාගේ ඉරණම අවාසනාවන්ත අයුරින් විසඳෙයි

4 years ago

සිය නිවස බලා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි දෙදරු පියෙක් සිසුසැරිය ලංගම බස් රථයක ගැටී සිදුවු අනතුරින් දෙදෙරු පියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, අනතුරින් පන්නිපිටිය, හයිලෙවල් පාරේ පදිංචිව සිටි උජිත් පෙරේරා නැමති 43 හැවිරිදි අයෙක් ජීවිතක්ෂයට පත්වූ බවය.

පාසල් බස් රථය පිළියන්දල දෙස සිට කටුබැද්ද දෙසට ධාවනය වීමේ දී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි යතුරුපැදිය බස් රථයේ රියදුරු අසුන ආසන්නයේ දකුණු පස ගැටීමෙන් අනතුර සිදුව ඇත.

බරපතළ තුවාල ලද යතුරුපැදිකරු පිළියන්දල දිසා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබූ බව පිළියන්දල හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා පැවසීය.

මිය ගිය යතුරු පැදිකරු වාද්දුව ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීම සඳහා අනතුරට පෙර දින මොරටුව, එගොඩ උයන ප්‍රදේශයේ මහ ගෙදරට ගොස්, දරුවා පාසලට ඇරලීම සඳහා යළි නිවස කරා පැමිණෙමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලීසිය පවසයි.

අනතුරින් යතුරුපැදියට දැඩි අලාභ සිදු වී තිබූ අතර ලංගම බස් රථයේ දකුණු පසට ද අලාභ හානි සිදුව තිබුණි.

මියගිය පුද්ගලයාගේ හිසට මෙන්ම ශරීරයේ ස්ථාන ගණනාවකට බරපතළ තුවාල සිදුවී තිබූ බව හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා පැවසිය.

අනතුර සම්බන්ධයෙන් ලංගම බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පිළියන්දල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් ඉෂාර සහ ධර්මවර්ධන මහත්තුරු පරීක්ෂණ පවත්වයි.