Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආර්ථික දුෂ්කරතා දරා ගැනීමට නොහැකිව වයෝවෘද්ද මව සියදිවි නසා ගනී

4 years ago

නිවසේ පැවැති ආර්ථික දුෂ්කරතා ඉවසා දරා ගැනීමට නොහැකි වු අරණායක බොස්සැල්ල කළුගල පදිංචිව සිටි 74 හැවිරිදි වයෝවෘද්ධ එක්දරු මවක විස වර්ගයක් ශරීරගතවීමෙන්  ජීවිතක්ෂයට පත්ව ඇතැයි අරණායක පොලිසිය පවසනවා.

ජීවිතක්ෂයට පත්ව ඇති එක් දරු මවගේ ස්වාමි පුරුෂයා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කර උපයන මුදලින් දෙදෙනා ජීවත් වෙමින් සිට ඇති අතර ස්වාමි පුරුෂයාගේ කකුල් දෙකෙන් පහළ කොටසේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයක පමණ කාලයක සිට ඇවිද ගැනීමට නොහැකි වීම නිසා මෙම යුවළ ආර්ථික දුෂ්කරතා රැසකට මෙම යුවල මුහුණ පා තිබේ.

ඔවුන් දෙදෙනාට මසකට වැඩිහිටි දීමනාව ලෙස රුපියල් 1900 ක් ද ගොවි විශ්‍රාම වැටුප ලෙස රුපියල් 1950 ක් ලෙස ලැබෙන රුපියල් 3850 ක පමණ මුදලකින් ජීවත් වෙමින් සිට තිබේ.

ජීවත් වීමට නොහැකි වීම හේතුවෙන් තම බිරිද දින ගණනාවක සිට කනස්සල්ලෙන් සිටි බව මරණ පරීක්ෂණයේදී සැමියා වන සයිමන් මහතා පවසා තිබෙනවා.