විදුලි ඒකක තිහකට අඩුවෙන් භාවිතා කරන පාරිභෝගිකයන්ගෙන් එක් ඒකකයට රුපියල් 50 බැගින් අය කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් දී ඇතැයි විදුලිය භාවිතා කරන්නන්ගේ සංගමයේ ලේකම් ධම්මික සංජීව මහතා සඳහන් කරයි.
දැනට අඩු ආදායම්ලාභීන්ට රුපියල් 08 කට දෙන විදුලි ඒකකයක් සඳහා මෙසේ රුපියල් 50 බැගින් අය කිරීමට උත්සාහ කරමින් ඇතැයිද හෙතෙම කියා සිටියේය.
මෙසේ අය කළහොත් ඒකක 30 ක සීමාවේ පවතින පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තු 1500ක් වනු ඇති බවත් ඒකක 100ක් භාවිතා කරන අයගේ විදුලි බිල රුපියල් 8000 ඉක්මවනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් සිටියේය.
