Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෝටර් රථයක සිරවී පාසල් සිසුවෙකු මරුට

4 years ago

මෝටර් රථයක් තුළ සිරවීමෙන් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පිළියන්දල – ජයමාවත ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල්
සිසුවෙක්.

නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවේ සිය නිවසේ නවතා තිබූ මෝටර් රථය තුළට ඇතුළු වූ සිසුවා එහි සිරවී ඇති අතර, ඔහුට මෝටර් රථයේ දොරවල් විවෘත කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

පසුව මෙම සිසුවාගේ පියා පැමිණ මෝටර් රථයේ දොර විවෘත කර ඇති අතර ඒ වන විටත් ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසු වී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඔහු දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

hits : රමේෂ් පතිරණගෙන් නව දේශපාලන පක්ෂයක්!

hits: අද සිට ගල් අරක්කු මිල අඩු වෙයි