Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

15 හැවිරිදි පාසල් සිසුවාට මරු කැඳවමින් නිමා වූ ටියුෂන් පංතියේ විනෝද චාරිකාව

4 years ago

වෙන්නප්පුව, බොරලැස්ස ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයේ දිය නාමින් සිටි පාසල් සිසුවෙකු දියේ ගිලී මියගොස් තිබේ.

පොලිසිය පැවසුවේ, සඳලංකාව ප්‍රදේශයේ පදිංචිව සිටි 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

පන්නල, මාකඳුර ප්‍රදේශයේ උපකාරක පංතියක සිසුන් 80 දෙනෙකු එම ප්‍රදේශයේ විනෝද චාරිකාවක නිරත වී ඇති අතර එහිදී එම සිසුන් අතරින් පිරිසක් පිහිනුම් තටාකයේ දියනාමින් සිටියදී අදාළ සිසුවා දියේ ගිලී මියගොස් ඇති බවයි, පොලිසිය පැවසුවේ.

මෘත ශරිරය හලාවත රෝහලේ තැන්පත් කර ඇති අතර වෙන්නපුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

hits : රමේෂ් පතිරණගෙන් නව දේශපාලන පක්ෂයක්!

hits: අද සිට ගල් අරක්කු මිල අඩු වෙයි