Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නාමල් රාජපක්ෂට ලක්ෂ 700ක අල්ලස් ලෙස ලබාදීම සම්බන්ධයෙන් ජානකී සිරිවර්ධන අත්අඩංගුවට

2 months ago

ක්‍රිෂ් සමාගමේ  හිටපු අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන මහත්මිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අදාළ සමාගම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රය නැමැති භූමිය කඩිනමින් ලබාගැනීම සඳහා සහාය දීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙත රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබාදුන් බවට වන චෝදනාව යටතේය.

ඇය අවස්ථා තුනකදී අදාළ මිලියන 70ක මුදල නාමල් රාජපක්ෂ මහතා වෙත ලබාදී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

සැකකාරිය අද (24) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.