Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දෙති

2 months ago

ඉකුත්දා නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්වීම් ලබා සිටි විනිසුරුවරුන් තිදෙනෙකු අද (25) අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතා ඉදිරියේ අගවිනිසුරු නිල මැදිරියේදී දිවුරුම් දී තිබේ.

දිවුරුම් දුන් විනිසුරුවරුන්:

  • පී. සිවකුමාර් මහතා
  • ආනන්දි කනගරත්නම් මහත්මිය
  • ලලිත් කන්නන්ගර මහතා

මෙම විශේෂ දිවුරුම් දීමේ අවස්ථාව සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න ද අල්විස් මහතාද සහභාගී වී සිටියේය.