කිරිඳිවැල, ඉඹුලහේන ප්‍රදේශයේ නිවසක් තුළදී සිය බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයෙකු දුම්රියට පැන සියදිවි නසාගෙන ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 75 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ සැමියා බවයි වාර්තා වන්නේ.
ඊයේ (29) සිදුව ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් නිවස පරීක්ෂා කිරීමේදී, මියගිය කාන්තාවගේ සැමියා විසින් ලියන ලද බවට සැක කෙරෙන ලිපියක් ද සොයාගෙන තිබෙනවා.
ඒ අනුව, කාන්තාව ඝාතනය කර ඇත්තේ ඇගේ සැමියා විසින් බවට පොලිසිය සැක පළ කරනවා.
කෙසේ වෙතත්, ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වනවා.
විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ,සැකකරු වේයන්ගොඩ පොලිස් වසමේදී දුම්රියට පැන සියදිවි නසාගෙන ඇති බවයි.
මියගිය කාන්තාවගේ සහ සැකකරුගේ මෘත ශරීර වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, කාන්තාවගේ මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිරිඳිවැල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
