Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් කැමරා ශිල්පියා අත්අඩංගුවට

2 months ago

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පෞද්ගලික මාධ්‍ය ආයතනයේ  කැමරා ශිල්පියා කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (30) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තකින් අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිටතට පැමිණි අවස්ථාවේදී, එහි සිටි පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියෙකු විසින් ඒ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකුට මෙලෙස ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

පහරකෑමට ලක්වූ ආරක්ෂක නිලධාරියා සිද්ධියෙන් පසුව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරිණි.