Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හෙටින් ඇරඹෙන නව පාසල් වාරය ක්‍රියාත්මක වීම අදියර 3කින්! අතරමැද නිවාඩු සමයන් 2ක්!

4 years ago

හෙටින් ඇරඹෙන තෙවැනි පාසල් වාරය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එහි පළමු අදියර හෙට දිනයේ සිට එළඹෙන 22වනදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.

නත්තල් උත්සවය හේතුවෙන් දෙසැම්බර් 23 වනදා සිට ජනවාරි 01 වනදා තෙක් පාසල් සිසුනට නිවාඩු හිමි වේ.

ඉන්පසු ජනවාරි 02 වනදා ආරම්භ වන දෙවන අදියර ජනවාරි මස 20වන සිකුරාදා තෙක් ක්‍රියාත්මක වේ.

උසස් පෙළ විභාගය හේතුවෙන් ජනවාරි මස 21 සිට පෙබරවාරි මස 19 වනදා තෙක් නිවාඩු හිමි වේ.

තෙවන පාසල් වාරයේ තෙවන අදියර සඳහා පාසල් ආරම්භය පෙබරවාරි මස 20 වනදා සිදු කෙරෙන අතර එය මාර්තු මස 24 වනදා තෙක් ක්‍රියාත්මකය.