Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මානසික ආබාධයකින් පෙළෙන 14 හැවිරිදි දැරිය දූෂණය කළ ලොකු තාත්තා අත්අඩංගුවට

4 years ago

ගල්නෑව – හුරිගස්වැව ප්‍රදේශයේයේ පදිංචි මානසික ආබාධයකින් පෙළෙන වයස අවුරුදු 14ක දැරිවියක් ඇයගේ ලොකු තාත්තා විසින් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ පුවතක් වාර්තාවනවා.

සිය දැරියව ලිංගික අපයෝජනයට ලක් කළ බවට හුරිගස්වැව පොලිසියට දැරියගේ දෙමාපියන් විසින් පැමිණිල්ලක් සිදු කිරීමත් සමග හුරිගස්වැව පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශය හා අපරාධ විමර්ශන අංශයේ හා විශේෂ කාර්යංශයේ නිලධාරින් එක්ව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

එම විමර්ශන කටයුතු සිදු කරන අතර මෙම අපරාධය සිදු කළ 60 හැවිරිදි ලොකු තාත්තාව පොලිස් අත් අඩංගුවට ඊයේ (03) ගැනුණා.

එම සැකකරු සිය විවාහයෙන් වෙන්ව කාලාන්තරයක් තිස්සේ දැරියගේ නිවසේ රැඳී සිට ඇති අතර මෙම දැරියගේ මව්පියන් ගොවිතැන් කටයුතු සඳහා පිටත් ව ගොස් සිටින අවස්ථාවල දී සැකකරු විසින් දැරියව අපයෝජනයට ලක් කර ඇති බව බවයි පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ. මෙම දැරියගේ මව්පියන් ගොවිතැන් කටයුතු සඳහා පිටත් ව ගොස් සිටින අවස්ථාවල දී සැකකරු විසින් දැරියව අපයෝජනයට ලක් කර ඇති බව බවයි පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

අදාළ දැරිය අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකර වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට පොලිසිය කටයුතු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් සැකකරු අද (04) කැකිරාව දිසා මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත‍යි.

hits : මහින්දගෙන් නව දේශපාලන පක්ෂයක්