Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිවයිනේ පළාත් 7කට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්

2 months ago

වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණ සහ උතුරු-මැද යන පළාත්වලට මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයටත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද (05) පස්වරු 11.00 ට නිකුත් කරන ලද මෙම විශේෂ අවවාදාත්මක නිවේදනය හෙට (06) දහවල් 01.00 දක්වා ඉදිරි පැය 14 ක කාලය සඳහා බලපැවැත්වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී ප්‍රබල අකුණුවලට අමතරව තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව පෙන්වා දෙයි.

මහජනතාවට ආරක්ෂිත උපදෙස්:

  • ගිගුරුම් සහිත වැසි පවතින විට එළිමහනේ හෝ ගස් යට නොසිට ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැඳී සිටින්න.
  • කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි සහ ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින්න.
  • රැහැන් සහිත දුරකථන, විදුලියට සම්බන්ධ කළ විදුලි උපකරණ භාවිතයෙන් සහ බයිසිකල්, ට්‍රැක්ටර්, බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වළකින්න.