ශ්‍රී ලංකාවට සෘජු විදේශීය ආයෝජන (FDI) ගලාගෙන එන්න පාර කපන Prime Group එකට මෙන්න ඕස්ට්‍රේලියාවෙනුත් පිස්සු හැදෙන Recognition එකක් ලැබිලා තියෙනවා. නිකන් නෙවෙයි, පසුගිය ඔක්තෝබර් 5 වෙනිදා Melbourne හි Pullman Melbourne on the Park Hotel එකේදී පැවැත්වුණු Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll & Business Awards 2026 ප්‍රධාන සම්මාන උළෙලේදී තමයි මේ වැඩේ සිද්ධ වෙලා තියෙන්නේ.
ආයේ දෙකක් නැහැ, Prime කියන්නේ නිකන්ම ඉඩමක්, ගෙයක් විකුණලා පැත්තකට වෙන සෙට් එකක් නෙවෙයි කියලා ලෝකෙටම ඔප්පු කරලා ඉවරයි. Australia, UK, USA, Canada, GCC රටවල ඉන්න අපේ ඩයස්පෝරා එක වගේම ජාත්‍යන්තර ආයෝජකයින්ව ලංකාවේ Property Market එකට ආකර්ෂණය කරගන්න Prime කරපු ගේම තමයි මේ විදියට ඇගයීමට ලක්වෙලා තියෙන්නේ.
ඒ විතරක්ද, Port City Colombo එක ඇතුළේ Prime Marina 1 සහ Prime Marina 2 කියන Waterfront Real Estate Project දෙකත් එක්ක මේ කට්ටිය ගෝලීය ගේම් එකකට බැහැලා තියෙන්නේ. දශක තුනකට වැඩිය ෆීල්ඩ් එකේ නම හදාගත්ත Prime වෙත මේ recognition එක ලැබෙන්නේත් “Sri Lankan real estate to the world” යන මොටෝ එකත් එක්ක තමන්ගේ ගමන තවදුරටත් වේගවත් කරමින් සිටින මොහොතක වීම විශේෂත්වයක්.
