Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලිබල මණ්ඩලය ඈවරයි! කොටස් අටකට කඩා නව සමාගම් අටක් පිහිටුවීමේ සූදානමක්!

4 years ago

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය අහෝසිකර රජය සතු නව සමාගම් අටක් පිහිටුවීමට ප්‍රතිව්‍යුහගත යෝජනා ඉදිරිපත් කිරීමට පිහිට වූ කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව නව පනත් කෙටුම්පතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ලංකා විදුලි බල මන්ඩලය වෙනුවට නව සමාගම් අටක් පිහිටුවීමට අදාළව ඉදිරිපත් කරන ලද කමිටු වාර්තාව ඉකුත් සතියේ අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලැබී තිබේ.

පිහිටුවනු ලබන නව සමාගම් 8 යටතේ විදුලිය ජනනය සඳහා සමාගම් දෙකක් සම්ප්‍රේෂණයට සමාගම් දෙකක් බෙදා හැරීම සඳහා සමාගම් හතරක් වශයෙන් පිහිටුවීමට යෝජිතය.

ජනනය සඳහා පිහිටුවන සමාගම් දෙකෙන් එක් සමාගමක් ජල හා පුනර්ජනනීය බලශක්තිය සඳහාද අනෙක් සමාගම ඉන්ධන බලාගාර සඳහාද පිහිටුවීමට යෝජනා කර තිබේ.

මණ්ඩලයේ දැනට පවතින සාමාන්‍යධිකාරී තනතුර වෙනුවට මෙම සමාගම් 8 සඳහා නිසි බලධරයෙකු පත් කිරීමට නිර්දේශ ලැබී ඇත.

hits : මහින්දගෙන් නව දේශපාලන පක්ෂයක්