බරපතළ ගණයේ මංකොල්ලකෑම් රැසක යෙදුණු එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු අකුරැස්ස පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
රාජකාරියේ නිරත ව සිටි පොලිස් නිලධාරින් විසින් අංක තහඩු නොමැතිව ධාවනය වූ යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදියි මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත්තේ.
අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරුවන් සන්තකයේ තිබී ගිනි අවියක් සහ ජීව උණ්ඩ දෙකක් ද සොයා ගැනුණා.
මොවුන් පැමිණ එමින් සිටි යතුරුපැදිය ද සොරකම් කළ එකක් බවයි පොලිසිය පැවසුවේ.
සැකකරුවන් වයස අවුරුදු 16ත් 25ත් අතරේ පසුවන ඉමදුව අඟුළුගහ ප්රදේශයේ පදිංචිකරුවන්.
සිදු කළ මූලික පොලිස් විමර්ශනවලදී හෙළිව ඇත්තේ ඉකුත් 18 වැනි දින පස්වරුවේ අකුරැස්ස – බංගම පාරේ ස්වර්ණභරණ අලෙවි සැලකට ඇතුළු වී එහි කළමනාකරුගේ මුහුණට මිරිස් කුඩු ගසා ලක්ෂ 08ක් වටිනා රත්රං මාල පෙට්ටියක් කොල්ලකා පලා ගිය පුද්ගලයින් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
