රාජ්‍ය බැංකුවකින් රු. ලක්ෂ 100ක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කිරීමෙන්, දූෂණය සහ පොදු දේපළ පනතේ වැරදි සිදුකළ බවට චෝදනා යටතේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන, ශිරන්ති රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අත්අඩංගුවට තිබෙනවා.
අද (07) උදෑසන කිරුළපන පිහිටි නිවසේදී ඇයව අත් අඩංගුවට ගෙන තිබෙනවා.
