ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න්හි සෑන්ඩ්හර්ට්ස්හි වාසය කළ 44 හැවිරිදි ශ්‍රී ලාංකික විවාහක කාන්තාවක් ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස සිය ස්වාමි පුරුෂයා අතින් ඝාතනයට ලක්ව ඇත්තේ, මෙලොයිනි පෙරේරා නම් තිදරු මවකි.
මෙම කාන්තාව ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ දියණිය අසල්වැසි නිවසකට දැනුම් දෙන ආකාරය CCTV කැමරාවල ද සටහන්ව තිබුණි.
දියණිය පැමිණ අසල්වාසීන් වෙත “මගේ අම්මා මැරිලා, මගේ අම්මා මැරිලා” යනුවෙන් පවසා ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙලෝයිනී පෙරේරා නමැති කාන්තාව ඝාතනය කර තිබුණේ, ඇයගේ ස්වාමිපුරුෂයා වන 45 හැවිරිදි දිනූෂ් කුරෙයිරා නමැත්තා විසිනි.
පිහි ඇනුම සිදුව තිබුණේ රාත්‍රී කාලයේදී සිදුව ඇති අතර මාධ්‍ය වාර්තාවන්ට අනුව මෙම යුවළගේ – පාසල් වයසේ පසුවන පුත්‍රයාද මෙම පිහි ඇනුමට මැදිව ඇති නමුත් ඔහු පළායාමට සමත්ව තිබේ.
ඔහු මේ වනවිට බරපතළ තුවාල සහිතව සැත්කමකට ලක්ව ඇති බවද රෝහල් ආරංචි මාර්ග වාර්තා කරනවා.
මෙම යුවළ මෑතකදී එකිනෙකාගෙන් වෙන්ව ජීවත් වී ඇති අතර, ඇය නිවසේ අඟුළු පවා මෑතකදී වෙනස් කර ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය පවසයි.
සැකකාර සැමියා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඉදිරියේදී ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
