Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලොකු ළූණු හා ටින් මාළු මත පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කෙරේ

4 years ago

දෙසැම්බර් මස පළවන දින සිට ක්‍රියාත්මක වන පරිදි ලොකු ළූණු සහ ටින් මාළු සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව, පසුගිය සැප්තැම්බර් මස 22 වන දින සිට ලොකුළුණු කිලෝග්‍රෑම් 1ක් සඳහා පනවා තිබු රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 10ක් දක්වා අඩුකර තිබෙනවා.

පසුගිය මැයි මස 18 වන දින සිට ටින් මාළු කිලෝග්‍රෑම්යක් සඳහා අය කළ රුපියල් 100ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 200 දක්වා ඉහළ දමා තිබෙනවා.

අදාළ බදු සංශෝධනයන් මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකර තිබේ.