Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගවයෙකුගේ ගැටීමෙන් සුඛෝපභෝගී බස් රථයක් පෙරළී යයි! 23ක් රෝහල්ගත කෙරේ!

4 years ago

A – 09 ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චි, ඉරණමඩුව ප‍්‍රදේශයේදී අධි සුඛෝපභෝගී බස් රථයක් අද(05) අලුයම පෙරලීමකට ලක්ව තිබෙනවා.

කොළඹ සිට යාපනය දක්වා මගීන් ප්‍රවාහනය කරමින් තිබෙන අතරතුර මෙම රථය අනතුරට ලක්ව ඇති 23 දෙනෙකු තුවාල ලබා තිබේ.

මාර්ගයේ ගමන් කරමින් සිටි ගවයෙකුගේ ගැටීමෙන් බස් රථය පෙරළී ගොස් තිබෙනවා.

තුවාල ලැබූවන් කිලිනොච්චිය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ අතර සිටින කුඩා දරුවෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.