Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිත්තරයක මිල රුපියල් 100 දක්වා ඉහළට!

4 years ago

ඉදිරි උත්සව සමයේදී බිත්තරයක මිල රුපියල් 100ට ආසන්න වනු ඇතැයි රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ සභාපති සිසිර පියසිරි මහතා පෙන්වා දෙන්නේ දැනට බිත්තරයක් රුපියල් 50-60 අතර සීමාවේ පවතින්නේ බිත්තර නිෂ්පාදනය ඉහළ යාම නිසා නොව මිල වැඩි වීමෙන් බිත්තර පරිභෝජනය බරපතළ ලෙස අඩුවීම නිසා බවයි.

ඉදිරි උත්සව සමයේ දී විවිධ අවශ්‍යතා මත බිත්තර පරිභෝජනය ඉහළ යාමත් සමග මිල ද ඉහළ යනු ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ 32 වන වාර්ෂික සමුව ඊයේ (දෙසැ. 4) මහනුවර පැවති අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.