Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් කැන්ටිමෙන් මතු වූ අයිස් පැකට් හා මත් කරල්

4 years ago

ගම්පහ මල්වතුහිරිපිටියට නුදුරු මහ විදුහලක ආපන ශාලාවකින් තිබී මත් කරල් සහ මත් පැකට් කිහිපයක් සමග එම ආපනශාලාව පවත්වා ගිය 42 හැවිරිදි කාන්තාවක, අත් අඩංගුවට ගනු ලැබූ බව මල්වතුහිරිපිටිය පොලීසිය සදහන් කරයි.

පොලීසියට ලද තොරතුරක් මත ආපන ශාලාව පරීක්ෂාවට ලක් කිරීමේදී මත් වර්ගයක කරල් 38 ක් සහ අයිස් වර්ගයේ මත් පැකට් 7ක් තිබු බව පොලීසිය පවසයි.

අත් අඩංගුවට ගෙන ඇති කාන්තාව මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් වන බවද පොලීසිය සදහන් කරයි.