ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ ඇති වී තිබෙන කැලඹිලි ස්වභාවය වර්ධනය වීම හේතුවෙන් අද (20) දින සවස් කාලයේ සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, උතුරු, උතුරු මැද, මධ්‍යම, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැක. උතුරු සහ වයඹ පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
