අද (08) උදෑසන වන විට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මක භාවය අතිශය සෞඛ්‍ය සම්පන්න නොවන මට්ටම් කරා ළඟා වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවා තිබෙනඔවා.
වායු තත්ත්ව දර්ශකයේ බත්තරමුල්ල, කොළඹ සහ මන්නාරම වෙත අනතුරුදායක මට්ටමට පැමිණ ඇති බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි එම සංවිධානය සඳහන් කරන්නේ.
එසේම යාපනය , මුලතිව් , කෑගල්ල සහ දඹුල්ල යන ප්‍රදේශවල වාතයේ ගුණාත්මක භාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමකට පැමිණ තිබෙනවා.
සුළං සහිත කාලගුණික තත්ත්වයත් සමග ඉන්දියානු අර්ධද්වීපයේ ඇති දූවිලි අංශු මෙරටට ගලාඒම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
පවතින තත්වය හේතුවෙන් ශ්වසන ආබාධ සහිත පුද්ගලයන් ගේ අපහසුතා වැඩිවනු ඇති නිසා ඔවුන් හැකිතාක් මුව ආවරණ පැළඳ නිවෙස් තුළම රැඳී සිටින ලෙස ද ඉල්ලා සිටී.

