Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අකුරණ මාරක අනතුරින් 16 හැවිරිදි දැරියකටත් දිවි අහිමි වෙයි

1 month ago

මහනුවර – මාතලේ A9 මාර්ගයේ අකුරණ, කුරුගොඩ හන්දියේදී ඊයේ (19) සිදුවූ බල්කර් රථ අනතුරින් මියගිය පුද්ගලයින් සිව්දෙනාගේ (04) අනන්‍යතාව තහවුරු වී තිබේ. මියගිය අය අතර අලවතුගොඩ සහ අකුරණ පදිංචි 38 සහ 51 හැවිරිදි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ මාතලේ හා අකුරණ පදිංචි 16 සහ 28 හැවිරිදි තරුණියන් දෙදෙනෙකු වේ.

තත්ත්වය සහ විමර්ශන: අනතුරින් තුවාල ලැබූ තවත් 06 දෙනෙකු මහනුවර සහ අකුරණ රෝහල්වල ප්‍රතිකාර ලබන අතර, මහනුවර රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් පසු මෘත ශරීර ඥාතීන්ට භාරදී ඇත.

රියදුරු අත්අඩංගුවට: සිමෙන්ති කුඩු පටවාගත් බල්කර් රථයේ රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව ඉදිරියෙන් වූ වාහන කිහිපයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරට සම්බන්ධ ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි රියදුරු අත්අඩංගුවට ගෙන අද (20) මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අලවතුගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.