Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රටේ වත්මන් තත්ත්වය ගැන විපක්ෂය ගෙන එන යෝජනාව අද පාර්ලිමේන්තු විවාදයට

1 month ago

පාර්ලිමේන්තුව අද (20) දින සිට ලබන 23 වන බ්‍රහස්පතින්දා (සිකුරාදා ද ඇතුළුව) දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරයි.

රට තුළ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ යෝජනාවට අදාළ විවාදය අද දිනයේදී පැවැත්වෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

මෙම සතියේ අනෙකුත් ප්‍රධාන කටයුතු

  • හෙට (21): රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනා සම්මතය සහ පරිපූරක ඇස්තමේන්තුවක් අනුමැතිය සඳහා විවාදයට ගැනේ.
  • බ්‍රහස්පතින්දා (22): විෂ වර්ග අබිං සහ අන්තරයදායක ඖෂධ වර්ග සංශෝධන පනත් කෙටුම්පත් දෙක දෙවන වර කියවීමේ විවාදය.
  • සිකුරාදා (23): ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සුනඛයින් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය.