සිය සැමියාට අත්හිටවූ සිරදඬුවමක් ලබාදීමට විනිසුරුවරයා පෙළඹවීම සඳහා කොළඹ මහාධිකරණයේ කාර්යාල කාර්ය සහයකයෙකුට අල්ලස් ලබාදුන් බව කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ වන චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි සහ අදාළ කාර්ය මණ්ඩල සේවකයා ලබන ඔක්තෝබර් 30 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (20) නියෝග කළේය.
මෙම සිද්ධියටම අදාළ 3 වන සැකකරු වන මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.
අල්ලස් කොමිසම විසින් සිදුකරන ලද කරුණු දැක්වීම්වලින් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝග ලබාදී ඇත.
