Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මොරටුවේ වෙඩි තැබීමක්

1 month ago

මොරටුව ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ.

අද (20) රාත්‍රී 8.20ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවය.

වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ එහි හිමිකරු බවද වාර්තා වේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.