Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හොඳින් ඉගෙන ගන්නවාට ඊර්ෂ්‍යා සිතී මිතුරාගේ වතුර බෝතලයට මත්ද්‍රව්‍ය කළවම් කරලා! අසාධ්‍ය වූ සිසුවා රෝහල්ගත කෙරේ!

4 years ago

කිලිනොච්චිය නගරයේ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයක සිසුවෙක් තවත් සිසුවකුගේ වතුර බෝතලයකට මත්ද්‍රව්‍ය කලවම් කර දීම හේතුකොටගෙන එම සිසුවා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කොට ඇති බව වාර්තා වේ.

මෙම සිසුවා පළමුව කිලිනොච්චිය රෝහලටත් පසුව යාපනය රෝහලටත් මාරු කර යවා ඇති බව දැනගන්නට ඇත.

සැකකාර සිසුවා තදින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ අයකු බව පොලිසිය පවසයි.

රෝහල්ගත කළ සිසුවා අධ්‍යපානයට දක්ෂ දරුවකු බවත් ඊර්ෂ්‍යාව මත මෙවැන්නක් සිදුකරන්නට ඇති බවත් පොලිසිය සැක පහළ කරයි.