අඳුරු වීදුරු සහිත ජීප් රථයයෙන් කොළඹ ප්රසිද්ධ පාසලක ඉගෙනුම ලබන 14 හැවිරිදි දැරියක් කොළඹ ප්රසිද්ධ රථගාල් වලට රැගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන 50 හැවිරිදි පෞද්ගලික බැංකු කළමනාකරුවෙකු
බම්බලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු බිරිඳ මියගිය වයස අවුරුදු 13 හා 17 වයස් සීමාවල දැරියන් දෙදෙනෙකුගේ පියෙක් බව පොලිසිය කියයි.
දැරිය පමණක් නිවසේ සිටින අවස්ථාවකදී නිවසේ දුරකතනයකට ලැබුණු දුරකථන ඇමතුමක් මාර්ගයෙන් දෙදෙනා අතර සබඳතාවය ආරම්භ වී තිබෙනවා.
සැකකරු දැරියට පවසා ඇත්තේ තමන්ගේ වයස අවුරුදු තිස් නවයක් වන බවත් තමන්ගේ බිරිඳ මිය ගොස් ඇති බවත් තමන්ට දියණියන් දෙදෙනකු සිටින බවත්ය.
දැරියගේ ප්රකාශයකින් අනාවරණය වී ඇත්තේ දැරිය නිවසේ කාත් කවුරුත් නොමැති අවස්ථාවේදී නිවසේ දුරකථනයෙන් ද සමහර අවස්ථාවල දී පියාගේ දුරකථනය සොරාගෙන එමගින් ද එම පුද්ගලයා සමග දුරකථනයෙන් අදහස් හුවමාරු කර ගෙන ඇති බවයි.
පසුව වරින්වර දැරිය පාසලට යාම සඳහා නිවෙසින් පිටව ගිය අවස්ථාවලදී අතරමගදී එම පුද්ගලයා දැරියව ඔහුගේ අඳුරු වීදුරු සහිත ජිප් රථයේ නංවාගෙන ප්රසිද්ධ රථගාල් වලට රැගෙන ගොස් දැරිය අපහරණය කර ඇති බවත්, සැකකරු දැරිය ලවා විවිධ ලිංගික ක්රියාවන සිදුකර ගෙන ඇතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සමහර අවස්ථාවල දී දැරිය සිය පාසල් බෑගයේ පාට ඇඳුම් දමාගෙන ගොස් ජීප් රථය තුළදීම ඇඳුම් මාරු කරගෙන ඔහු සමඟ එහි ගත කර පාසල ඇරෙන අවස්ථාව වන විට නැවතත් නිල ඇඳුම ඇඳගෙන සුපුරුදු ලෙස නිවසට ගොස් ඇති බවද සිදුකළ වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී යැයි යැයි පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් තමන්ගේ එක් මිතුරියක් පමණක් දන්නා බවත් ඇය සැකකරුට දුරකථන ඇමතුමක් ලබාදී වයස අවුරුදු 18 වෙනකම් මෙම සම්බන්ධතාවය නතර කර දමන ලෙසත් පවසා ඇතැයි ද දැරිය ලබාදුන් ප්රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.
දැරියගේ හැසිරීම් රටාවේ වෙනසක් දුටු දෙමව්පියන් නිවසේ ස්ථාවර දුරකථනයේ වාර්තාවක් ලබාගෙන පරික්ෂා කිරීමේදී නාඳුනන දුරකථන අංකයක් දැක ඒ බව පොලිසියට පැමිණිලි කිරීමේ ප්රතිඵලයක් ලෙස මේ බව අනාවරණය කර ගැනීමට හැකිව තිබෙනවා.
සැකකරුගේ තොරතුරු අනාවරණය කරගැනීමෙන් අනතුරුව ඔහු පොලිසියට කැඳවා ප්රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම නියමිත අතර බම්බලපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.
